Posts

අහිමි පෙම්වත

අසෙනි වර්ශා ඇද හැලෙන මේ තුරුනු සිහිලැල් දිගන්තයේ හිද පාට සේදුනු හිම වළාවක ඉකිබිඳින තනි පුංචි තරුවක දුක කියා යලි යලි හඬන්නට බැරුව ලත වෙන එක සැදෑවක ඔබගේ රුව යලි යලිදු දැකුමට පතනවා නෙත නිදි වරාගෙන... හීන ඇහිදින රුදුරු රැය තුල ගත නිනැව් නැති උරුම දුක විඳ අතීතයේ පෑ ආලවට්ටම් මතක පාරවයි ඔබ නිසා අද ජීවිතේ හැර අහිමි වෙන්නට තවත් නෑ වෙන නුඹ හින්දා මේ මට... ඔබ නිසා විඳි දුක් කියන්නට මඟ බලන්නෙමි අහිමි පෙම්වත ~සඳලි
Recent posts