Skip to main content

අහිමි පෙම්වත

අසෙනි වර්ශා ඇද හැලෙන මේ
තුරුනු සිහිලැල් දිගන්තයේ හිද
පාට සේදුනු හිම වළාවක
ඉකිබිඳින තනි පුංචි තරුවක
දුක කියා යලි යලි හඬන්නට
බැරුව ලත වෙන එක සැදෑවක
ඔබගේ රුව යලි යලිදු දැකුමට
පතනවා නෙත නිදි වරාගෙන...

හීන ඇහිදින රුදුරු රැය තුල
ගත නිනැව් නැති උරුම දුක විඳ
අතීතයේ පෑ ආලවට්ටම්
මතක පාරවයි ඔබ නිසා අද
ජීවිතේ හැර අහිමි වෙන්නට
තවත් නෑ වෙන නුඹ හින්දා මේ මට...
ඔබ නිසා විඳි දුක් කියන්නට
මඟ බලන්නෙමි අහිමි පෙම්වත

~සඳලි

Comments